hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 16, ප.ව. 6:49



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගිය 13 වනදා රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වුණා.

එලෙස ඔහු ජිවිතක්ෂයට පත් වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සමග ඇති වූ සංවාදයකින් පසුව බවටයි ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය කියා සිටියේ.

එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කළේ තමා නොව රෙජිනෝල්ඩ් කුරේ මහතා එහිදී ආවේගකාරී වූ බවයි.

තමාට ඒ සම්බන්ධයෙන් කිසිම පසුතැවිල්ලක් නොමැති බවත් මාධ්‍යවේදීන් පමණක් තමාගෙන් මේ පිළිබඳව විමසා සිටි බවද ඔහු සඳහන් කළා.

තමාට ගෙවිඳු කුමාරතුංග මහතා සමඟ කිට්ටු සම්බන්ධතාවයක් නොමැති නිසා තම මළගෙදරට සහභාගී නොවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අපි මේ වට මේසෙක වාඩිවෙලා සුහදව කතාබස් කරමින් හිටියේ. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ප්‍රශ්නයක් මතු කරා ඒ අවස්ථාවට. ඒ සම සමාජ පක්ෂය වැනි පක්ෂ සහභාගී නොවෙන්නේ ඇයි කියන කාරණය. ම ඉතින් එතනදී ප්‍රකාශ කළා මේක අපේ, අපේ නියෝජිතයෝ අපේ සන්ධානයෙන් තෝරලා තියෙන්නේ. ඔබතුමා ඒ ගැන මේ ඇයි වෙහෙසෙන්නේ කියන ප්‍රශ්නේ මම ඇහුවේ. ඉතින් එතුමා ඒ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයට ආවේගකාරීව පිළිතුරු දෙනකොට එතුමාත් සමග පැමිණ සිටි අය එතුමාට ප්‍රකාශ කරා දැන් හෘද සැත්කමක් කරලා දින තුන හතරයි නේ තරහා ගැනීම ඔබතුමාට හොඳ නෑ ආදී වශයෙන් මට නෙමෙයි එතුමාට ප්‍කාශ කරා ඉතින් කියලා සන්සුන් වෙන්න කියලා ඉතින් එතුමා යම් වෙලාවක් වෙලා එතුමා ඒ අපි හිටපු කාමරෙන් එතුමා නැගිටලා ඇවිදගෙනත් ගියේ ඉතින්. එතුමාත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා සුරංජිත් මහතා ඊට පස්සේ ආපහු අපේ සාකච්ඡාවට සහභාගි වුණා. එතුමා කිව්වා මේ මහතාගේ අර හෘද සැත්කමක් කරලා තිබ්බ නිසා ඔය එකටත් කියලා අර එතුමාගේ වෛද්‍යවරයා හමුවීම සඳහා පානදුරේ කිසියම් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් කරා ගිය බව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ විධායක සභාව නියෝජනය කිරීම සහභාගී වූ අනිත් සාමාජිකයා එතුමාව වෛද්‍යවරයෙක් හරහා යොමු කරයින් පස්සේ නැවතත් සාකච්ඡාවටත් සහභාගි වුණා ඉතින්. එහෙම ඒවා මං කියන්නේ මේ මේ කියන මරාගන්න වාද විවාදයක් පැවතුනා නං එවැනි තත්වයක් ඇති වෙන්න බැහැනේ. නැගෙන ආදිය සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ ලංකාවේ දේශපාලනයේ පරිහානිය පිළිබඳ කියවෙන තැනක් තමයි ඒක. ඔබ ඔය සමාජ මාධ්‍ය වල වුණත් අපි දැන් ඒකට දක්වලා තියෙන ප්‍රතිචාර බැලුවොත් එහෙම මං හිතන්නේ ඒ ප්‍රතිචාර තුළ තියෙනවා අපේ සමාජයේ දේශපාලන ක් රියාවලියේ අද වෙනකොට පත්වෙලා තියෙන පරිහානිගත තත්වයට දක්වන ප්‍රතිචාර අපිට ඒ තුළ දකින්න ලැබෙනවා. ඇත්තටම මාව පළවෙනි වතාවට ඔබතුමා මේ මේ මාධ්‍යවේදියෙක් හැටියට හරි ඔහොම තමයි මේ මේ ප්‍රශ්නය මතු කරේ. මගෙන් නම් අඩුම ගානේ ඒ ගැන අහලත් නෑ. එහෙම ඇහුවොත් මට කිසි ගැටලුවකුත් නෑ. කිසිම පසුතැවිල්ලක්වත් නෑ. ඉතින් එතුමා පැමිණීම ගැන කණගාටුවක් තියෙනවා. මට එතුමත් සමග එහෙම කිට්ටු සම්බන්ධයක් නැහැ.”