hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 8:27



ආසියානු කුසලානය දිනා මෙරටට පැමිණි දැල්පන්දු කණ්ඩායම පිළිගැනීමට තමන්ට අයිතියක් ඇතැයි ක‍්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

තමන් පාසැල් යන සමයේ පටන්ම විවිධ ක්‍රීඩා රාශියක් කළ පුද්ගලයෙකු බවත් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු බොහෝ කර ඇති බවත් ඔහු කියා සිටියා.

කුමන විවේචන එල්ල කළද ක්‍රීඩාව දියුණු කිරීමට තමන් තවදුරටත් කැපවීමෙන් වැඩ කරන බවද ඒ මහතා පැවසුවා.

එහිදී ඔහු සඳහන් කළේ,

“මගේ සහභාගීත්වය කිහිපදෙනෙක් වැරදි ආකාරයෙන් දැක්කා. ඒ නිසා මාව තදබල ලෙස විවේචනයට ලක්කළා. මම පුංචි කාලේ ඉඳලම ක්‍රීඩාව කරපු කෙනෙක්. පාපන්දු, හොකී, ක්‍රිකට්, මලල ක්‍රීඩා, ටේබල් ටෙනිස් මේ ආදී වශයෙන්. කුමණ විවේචන කළත් මම නොසැලී මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා. කැපවීම, අධිෂ්ඨානය, ජයග්‍රහණය මගේ අවශ්‍යතාවයයි.”