hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 08, පෙ.ව. 10:39



විශ්‍රාම වැටුප් හිමිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය විමසු පැනයකට පිලිතුරු ලබාදීමේදී පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්ත්වයක් ඇති වුනා.

ඒ, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මන්ත්‍රිවරිය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමේදී සතුට සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පලකිරීමත් සමගයි.

එහිදි අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස ඔවුන් රාජ්‍ය අමාත්‍යවරයාට බල කර සිටියා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රීනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය සතුටු කරන විදිය තමන් නොදන්නා බවයි.

කෙසේ වෙතත් තමන් මන්ත්‍රිවරියට අපහාස වන කිසිදු ප්‍රකාශයක් සිදුනොකල බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සභාව දැනුම් දුන්නේ.

ඒ අවස්ථාවේදී නැවතත් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ “මම කිව්වේ මම දන්නේ නැහැ මොන විදියටද සතුටු කරන්නේ කියලා. ඒ ක්‍රමය දන්නේ නැහැ කියලා මම කිව්වේ.” යනුවෙනුයි.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සභාව මැදට පැමිණ විරෝධය පළ කිරීම හමුවේ අග්‍රාමාත්‍යවරයාද ඊට මැදිහත්වු පසු නියෝජ්‍ය කථානයක අජිත් රාජපක්ෂ දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයාට දැනුම් දි ඉදිරි පියවර ගන්නා බවයි.