hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 7:54



අරගලයේ ලොකු වීරයන් සිටි බවත් එක වීරයෙක් ධනිෂ් අලී බවද කළුතර දිස්ත්‍රික්  මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

ඒ මහතා මෙසේ පැවසූවේ ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීයි.

ධනීෂ් අලී පුරපසළොක්වක පොහොය දවසේ රූපවාහිනියට කඩා වැදුණ බවත් බණ කියන අවස්ථාවේදී බලහත්කාරයෙන් රජයේ මාධ්‍ය අල්ලා ගත් බවද සදහන් කළා.

අරගලයෙන් පසු යම් යම් අයව අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ධනීෂ් අලී ලංකාවෙන් පිට වීමට සූදානම් වූ බවත් ඔහුව සී.අයි.ඩී එක මගින් අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී ගුවන් යානයේ සීට් එක බදාගෙන , හොටු පෙරාගෙන , අඩ අඩ අනේ මාව බේර ගන්න කියා ඔහු සදහන් කළ බවද අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

මොහු වීරයෙක් නොවන බවත් සුනඛයෙක් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

එරාන්  වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 තරගයට ඉදිරිපත් කළ හැකි බව ද ඒ මහතා කියා සිටියා.

ඔහු එදා ගෝල්ෆේස් පිටියේදී  දුවපු ආකාරය අපි හොඳින් දුටු බව පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එලෙස දිව යා නොහැකි බවද සඳහන් කළා.

විපක්ෂ නායකතුමා ඒ ස්ථානයෙන් පිටව ගියේ බොත්තම් කාසි වැරදි විදිහට දමාගෙන  බවත් පොලිස් විශේෂ කාර්ය බලකායට පින්සිද්ද වෙන්න  ඔහුගේ ජීවිතය එදා ගැලවුණු බවත් හෙතෙම ප්‍රකාශ කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: