hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 7:17



රොෂාන් රණසිංහ මහතාට ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස නාමල් රාජපක්ෂ මහතාට හිතවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් මීට දින දෙකකට පෙර ඉල්ලා ඇතැයි ඔහුට හිතවත් ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත හෙලිකලා.

එහිදී රොෂාන් රණසිංහ මහතා ඔවුන්ට සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් තමන්ට ඉල්ලා අස් වන්නැයි ඉල්ලීමක් කළහොත් පමණක් ඊට සූදානම් වන බවයි.

මේ අතර ජනාධිපතිවරයාගෙන් ද එම මන්ත්‍රීවරුන් පිරිස රොෂාන් රණසිංහ මහතා ඉවත් කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇත්තේ ඔහු ඉවත් කිරීම තරම් කාරණයක් මේ මොහොතේ පැන නැගී නැති බවයි.

එම නිසා ආණ්ඩු පක්ශ මන්ත්‍රීවරුන්ට හිස් අතින් ගෙදර ඒමට සිදුව තිබෙනවා.