hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 21, ප.ව. 9:07



කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත් වන නමුත් එම කණ්ඩායමේ රජය සහය දක්වන පක්ෂ කිහිපයක නියෝජිතයින් සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවා.

ඒ, අද (21) පළාත් පාලන මැතිවරණය අදාළව නාමයෝජනා භාර දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාවට නායකත්වය දුන් රෝසි සේනානායක මහත්මියද එම ලයිස්තුවේ සිටින අතර සමඟි ජන බලවේගයෙන් කොළඹ නගරාධිපති තනතුරට තරඟ වැදීමට නියමිත මුජිබර් රහුමාන් මහතා ඔවුන් අභියෝගයක් නොවන බවද මෙහිදී සාගල රත්නායක මහතා කියාසිටියේ.

මේ වන විටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රට හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.