hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:14



පසුගිය වසර දෙකහමාර තුළ රාජපක්ෂවරුන්ට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නැතැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් පැවැසුවා.

කෑගල්ල ප්‍රදේශයේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් කාරියවසම් මෙම අදහස් පළ කළා.

එම කාලය තුළ රාජපක්ෂවරුන් මෙරට තුළ දූෂණ සිදුකර ඇති බවට කිසිවකු පවසනවා නම් ඔහු එම කාලය තුළ මෙරට වාසය කළ පුද්ගලයකු නොවන බවද සාගර කාරියවසම් මහතා සඳහන් කළා.

රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ බලගැන්වීම් කටයුතු දිගටම සිදුකරගෙන යන බවද ඒ අනුව ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂය ශක්තිමත්ව ගොඩනැඟීමට පක්ෂයේ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන බවද කාරියවසම් මහතා කියා සිටියා.