hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 18, පෙ.ව. 5:35



නායකයකු තෝරාගත නොහැකි සන්ධානයකට ජනතාවට නායකත්වය දිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට සපුරාලිය යුතු අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර තිබෙනවා. මේ වනවිට අප පක්ෂයේ නාමයෝජනා ලැයිස්තු සකස් කෙරමින් පවතිනවා. අප තරඟ කරන සියළුම පළාත් පාලන ආයතන සඳහා ඉතා ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නියත ජයක් ලැබෙන බව ඉතා විශ්වාසයෙන් කියන්න කැමතියි.බොරුව ජනගත කර අපේ පක්ෂයට මතු පිටින් නිර්මාණය කරපු වංචනික විරෝධතාවයක් තිබුණා මිසක් සමාජය තුළින් , ගම්මට්ටමින් මතුවූ විරෝධතාවයක් තිබුණේ නැහැ. පොහොට්ටුවට සහයෝගය දුන් ජනතාව එදාවගේම අදත් අප සමග සිටිනවා.

මේ රටේ ජාතිකත්වය කෙරෙහි විශ්වාස ය තැබූ ජනතාව අදටත් අප සමග ඉන්නවා. පොහොට්ටුව වටා ජනතාව ඒකරාශි වූයේ ප්‍රතිපත්තියක් මතයි. පක්ෂයක් හැටියට අදටත් අපි එම ප්‍රතිපත්තිය මතයි කටයුතු කරන්නේ. ඇති කරගත් එකඟතාවයන්ට අනුව ඇතැම් පළාත් පාලන ආයතනයන්ට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ද ඇතුළත්ව පොහොට්ටුව ලකුණින් තරඟ කරනවා. සමහර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන දෙකක් හෝ තුනක් අපි එක්සත් ජාතික පක්ෂය සමග තරඟ කරනවා. ඊට අපේ අපේක්ෂකයින් ද ඇතුළත් කරනවා. සමහර දිස්ත්‍රික්කවල දෙපාර්ශ්‍රවය වෙන වෙනම තරඟ කරනවා. මෙය අපි එකඟත්වයකින් කරන්නේ.

රාජ්‍ය පාලනය කරන අපි දෙකට බෙදී එකිනෙකාට චෝදනා කරගතහොත් එමගින් රටේ ජනතාවට හා ආර්ථිකයට වන හානිය අතිමහත් විය හැකියි. එම නිසා එවැන්නකට ඉඩ නොතැබීම අපේ ප්‍රධාන අරමුණයි. හෙළිකොප්ටරය අපිට අභියෝගයක් නොවෙයි. අපෙන් ඉවත්ව ගිය පිරිස පොහොට්ටුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරපු ජනතාවගේ ඡන්ද මංකොල්ලකාලා තමන්ගේ නායකත්ව සිහින පිටුපස හඹා ගිය පිරිසක්.ඔවුන්ට අදටත් නායකයෙක් නැහැ. හැමෝම නායකයාවීමේ බලාපොරොත්තව හැර වෙනත් බලාපොරොත්තුවක් නැහැ. තමන්ට නායකයෙක් තෝරා ගන්න බැරි සන්ධානයකට පුළුවන්ද ජනතාවට නායකත්වය දෙන්න.අපේ පක්ෂයෙන් නාමයොජනා ලබාගන්න විශාල පිරිසක් පැමිණෙ නිසා නාමයෝජනා ලබාගැනීම සඳහා ආරවුල් ඇතිකර ගැනීමේ තත්ත්වයක් සමහර ස්ථානවල ඇතිව තිබෙනවා. අපි මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක්.

අපේ පක්ෂයෙන් නාමයෝජනා ගැනීමට වැඩි ඉල්ලුමක් තිබෙන නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙනවා. පසුගිය කාලයේ මේ රටේ ජනතාව අතර බොරුව වපුරා ඒ බොරුව මත වෛරය සහ ක්‍රෝධය ඇති කිරීමට සමහර පක්ෂ හා කණ්ඩායම කටයුතු කලා. ඔවුන් රටට හා රට කරන නායකයින්ට එරෙහිව ,රටට වැදගත්, නායකත්වය දීමට සිටින පුද්ගලයින්ට එරෙහිව වැරදි සහගත පදනමකින් තොර බොරු චෝදනා එල්ලකලා.

මෙලෙස සාමාජ ගතකරන්නට උත්සාහ දරපු බොරුවලට මේවනවිට නිසි පිළිතුරු ලැබෙමින් පවතිනවා.පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප පක්ෂයේ නායකයින්ට විවිධ චෝදනා නැගුවා. නමුත් මේවන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු වන්නේ කවුද කෙසේද යන්න රටේ ඉහළම අධිකරණයෙන් තීරණයක් දී තිබෙනවා.’’