hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 29, ප.ව. 4:07



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඊට සහභාගී වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සහ නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය චරිත හේරත් මහතා හමු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

එම රැස්වීමෙන් අනතුරු පැමිණෙමින් සිටි සාගර කාරියවසම් මහලේකම්වරයාගේ ටයි පටිය සම්බන්ධයෙන් චරිත හේරත් මන්ත්‍රීවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ එම අවස්ථාවේදී සාගර කාරියවසම් මහතා පැළද සිට ඇත්තේ කොළ පාට ටයි පටියක් වීම හේතුවෙනි.

“ඔබතුමා දැන් දාන්නෙත් කොළ පාට ටයි නේද?” යැයි චරිත හේරත් මන්ත්‍රීවරයා සාගර කාරියවසම් මහ ලේකම්වරයාගෙන් විමසා තිබෙනවා.

“මේක වෙනම කොළ පාට ටයි දැමීමක් නෙවෙයි. මේක මං ගාව තිබුණා. අනිත් දවස්වල දැම්මේ නැත්තේ කට්ටියට පේන නිසා. ඒත් අද කාටවත් නොපෙනෙන්න දැම්මට ඔබතුමා දැක්කා.” යැයි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.