hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 11, පෙ.ව. 4:40



හිටපු ජනාධිපතිවරු 07දෙනෙකු විසින්ම 13 වැනි සංශෝධනය බලාත්මක කිරිමට කටයුතු නොකළේ ඇයිද යන්න පිළිබද සොයා බැලිය යුතුව ඇති බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

පසුගිය යහපාලන කාලයේ දි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කාලයේ දි සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරද්දි පවා 13 වැනි සංශෝධනය බලාත්මක කිරිමට උත්සාහයක් නොගත් බවද සාගර කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රිකකයේ පළාත් පාලන ආයතන සදහා තරඟ කරන අපේක්ෂකයින් දැනුවත් කිරීමෙන් පැවති රැස්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සදහන් කළා.

සාගර කාරියවසම් මහතා මෙසේද සඳහන් කළා.

“13 වැනි ව්‍යවාස්ථා සංශෝධනය 35 වසරක් අපේ ව්‍යවස්ථාවේ තිබුනා ජනාධිපතිවරු 07දෙනෙක් 13 වැනි සංශෝධනය තිබියදි රට පාලනය කළා. නමුත් හිටපු ජනාධිපතිවර 07 දෙනාම 13 වැනි සංශෝධනය බලාත්මක කිරිමට හිතුවේ නැහැ. එසේ නොකළේ ඇයිද යන්න කියන කාරණය පිළිබද මුලින්ම සොයා බලා එසේ හේතු වු  කාරණ මේ වනවිට පොළවේ නැත්නම් ඒ සම්බන්දව තිරණයක් ගත්තාට කමක් නැහැ. හිටපු ජනාධිපතිවරු 07 දෙනෙක් මෙක සිදුකළේ නැත්තේ ඇයි ද යන්න පිළිබද  සොයා බැලිය යුතුයි. එම හේතුව අදටත් පවතිනවාද නැද්ද යන්න පිළිබ සෙවිය යුතුයි. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ බලව බෙදාහැරිමට කවදාවත් විරුද්ධ නැහැ. වර්ගවාදි පදනම මත හෝ කථාකරණ භාෂාව, අදහන ආගම අනුව  බලය බෙදා හැරිමට විරුද්ධයි. බලය බෙදාහැරිය යුත්තේ ජනතාව වෙතයි. ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ එකගවන කාරණාවලට මිස ජනාධිපතිවරයා විසින් ගෙන එනු ලබන සියලු දේවලට සහෝගය ලබාදිමට පක්ෂයක් විදියට බැදි නැහැ.”