hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 04, ප.ව. 2:57



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට ඇතැයි වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (03) ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සියලු ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ඊයේ ශ්‍රීලනිප මූලස්ථානයට රැස්වුණු සියලු දිස්ත්‍රික් ශ්‍රීලනිප ක්‍රියාකාරීන් තම සහය තවදුරටත් ශ්‍රීලනි පක‍ෂයටම ලබා දෙන බව ප්‍රකාශ කොට සිටි අතර ඔවුන් ඒ්කමතිකව ප්‍රකාශ කලේ අම්බලන්ගොඩ ආසනයට වඩාත් සුදුසු සජින් ද වාස් ගුණවර්ධන මහතා බවයි.