hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 18, ප.ව. 9:19



ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස තමා දේවගැතිවරයාගේ ප්‍රකාශය පිළිබදව අතිශයින්ම කනගාටුවට පත්වන බවයි.

සියලු ආගම්වලට ගරුකිරීම මෙන්ම එම ආගම් ඇදහීමට නිදහස් අවකාශයක් ලබාදීමට පවත්නා සහනශීලි ප්‍රතිපදාව හේතුවී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

එය ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලිවලට බුදුදහම ඉලක්ක කර දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ.

එම නිවේදනය පහතින්,