hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 18, ප.ව. 2:10



සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ සාකච්ඡා පවත්වමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.

මේ වන විටත් එම පිරිස සමගි ජන බලවේගයේ ප්‍රධාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවන්හි නිරත වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

පොදුජන පෙරමුණෙන් ඉවත්ව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම් සමග ද සමගි ජන බලවේගය කටයුතු කිරීමට එකඟතාවට පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ද ඒ සඳහා සක්‍රිය ලෙස කටයුතු කරන බවත් ඉදිරියේදී තවත් කණ්ඩායම් කිහිපයක් සමගි ජන බලවේගය සමග එක්වනු ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.