hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 07, ප.ව. 2:39



රට බංකොලොත් යන යථාර්ථය පාවිච්චි කොට එකමුතු වී රට ගොඩ ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී .සඳහන් කළා.

රටක් ලෙස මානව හිමිකම් කොමිසමේ පසුබෑමට ලක් වෙන්න සිදුවූ බව කී විපක්ෂ නායකවරයා අනෙකුත් රටවල සම්බන්ධ කරගෙන යම්කිසි සාකච්ඡා මාර්ගයක් තුළින් රටේ ගමන දිනවන්නට බැරි ඇයි දැයි ප්‍රශ්න කළා.

සමගි ජන බලවේගයේ පස්දෙනෙක් කැබිනට් එකට ගන්නට හොයනවා  යැයි ආරංචි බවත් පස්දෙනෙක් තියා එක්කෙනෙක් වත් ආණ්ඩුවේ  කැබිනට් එකට යන්නේ නැතැයි වගකීමෙන් පවසන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.