hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 2:58



අද දින‌යේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට පියවර ගෙන තිබුණා.

කිසිදු බලපෑමකට යටත් නොවී නියමිත වෙලාවට පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අද (15) ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පක්ෂ සහ කණ්ඩායම් 16ක නායකයින් මැතිවරණ කොමිසමට ගොස් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී පුංචිහේවා මහතා මෙම ප්‍රතිඥාව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා සිදුකරන කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස කොමිසමෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අදාළ ප්‍රතිඥාවක් ලබාදුන්නා.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් සිදුකළ ලිඛිත ඉල්ලීම සහිත ලිපිය සාකච්ඡාව අවසානයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත භාරදුන්නා.

මැතිවරණ කොමිසමට නියමිත පරිදි මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් කිසිදු බාධාවක් ඇති නොවන පරිදි තමන් කටයුතු කරන බවට අද හමුවූ පක්ෂ නායකයන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පොරොන්දුවක්ද ලබාදී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: