hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 1:10



සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු ආසන සංවිධායකවරුන්ට පසුගිය සතියේදී විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ප්‍රදේශයේ ජනප්‍රිය හා දූෂණ චෝදනා ​නොමැති පුද්ගලයන් තෝරාගන්නා ලෙසයි.

නාම යෝජනා කැඳවීමට පෙර සුදුසු පුද්ගලයන් පිළිබඳව මූලික හඳුනා ගැනීම් කරන ලෙස ආසන සංවිධායකවරුන්ට දන්වා ඇතැයි එම පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියා. 

විශේෂයෙන් ප්‍රදේශයේ පිළිගත්, යහපත් නමක් දිනාගෙන සිටින හොරකම්, මැරකම් ආදිය පිළිබඳ චෝදනා නොමැති තරුණ හා කාන්තා කණ්ඩායම් තෝරා ගැනීමට කටයුතු කරන ලෙස ආසන සංවිධායකවරුන් දැනුවත් කර තිබෙනවා.

අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් දැනුවත් කිරීමට නියමිතයි.