hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 11, ප.ව. 9:42



සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙනවා.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත් ඔහු පැවසුවා.

ඒ අනුව පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මින් ඉදිරියට සමගි ජන බලවේගය සමග කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බවත් ඔහු පැවසුවා.

තමන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කළා.