hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 22, ප.ව. 1:06



සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ගිය තමන්ව බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැම්මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු පිටුපස මොන අවතාරය ඉන්නවාද නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැති ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සතිපතා පැවැත්වෙන රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තම කණ්ඩායම බෙල්ලෙන් අල්ලා එලියට දමා බංකුව යටින් රනිල්ව වද්දාගෙන ඇති බවත් දැනට ජනපති – අගමැති මත දෙකක නොමැති බවත් ඔහු සඳහන් කළා.

මේවන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇති බවයි වාසුදේව මන්ත්‍රීවරයා කියා සිටියේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වුවහොත් එහි ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පමණක් ප්‍රධාන වන බවද එනිසා එම කරුණු මත සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයේ සියලු දෙනා එක්ව තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සඳහන් කළේ කිසිදු වැඩ පිළිවෙලක් නැති ආණ්ඩුව සහිත පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයේ සියලු තීන්දු කළ බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: