hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 19, ප.ව. 2:39



අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවැසූ ඒ මහතා මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද කියා සිටියා.

මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ඇප කැප වෙන බවද සඳහන් කළා.

අනුප්‍රාප්තික ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහබාගී වූ විශේෂ මාධ්‍ය හමුව අද(19) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර එහිදී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: