hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 14, පෙ.ව. 10:36



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.

විපක්ෂ නායකවරයා විසින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බවයි.

නව අමාත්‍ය මණ්ඩලයට එක්වීමට කැමති නම් ඒ පිළිබඳව නොපමාව තමන්ට දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායකවරයා වෙත යොමු කර තිබූ ලිපියට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට කැමති බව තමා විසින් මුල් වරට දැනුම් දෙන ලද්දේ පසුගිය 12 වන දා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම වැරදි බව ප්‍රේමදාස මහතා යැවූ ලිපියේ සඳහන්.

ඔහු අවධාරණය කරන්නේ, ජනාධිපතිවරයා විසින් දැනට පිහිටුවීමට අදහස් කරනු ලබන ආණ්ඩුව ජනමතයට පටහැනි බව යි.

අදාළ ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: