hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 23, පෙ.ව. 10:44



බස් රථ ගිනි තැබූ සමාජවාදී විප්ලවකාරයන් තමන් බස් රථ බෙදන බවට පැමිණිලි කර ඇති නිසා පාසල්වලට බස් රථ ප්‍රදානය කිරීම තාවකාලිකව නවතා දමන්නට සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

මොරවැව පැවැති ජනහමුවකට එක් වෙමින් මේ ඒ මහතා මේ බව පැවසුවා.

රුපියල් මිලියන 344ක් වටිනා බස් රථ 70ක් රජයේ පාසල්වලට තමන් මේ වන විට පරිත්‍යාග කර තිබෙන බව කී විපක්ෂ නායකවරයා, සමාජවාදී විප්ලවකාරීන්ට මේ වැඩපිළිවෙළ බලා සිටීමට නොහැකි වී ඇතැයි ද කියා සිටියා.

තම පියා විපක්ෂයේ සිටි කාලයේ සිදු කළාට වඩා වැඩි වැඩ කොටසක් තමන් සිදු කරන බවත් කී ඒ මහතා, මේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ බස් ගිනි තියපු පිරිස බවද වැඩිදුරටත් සඳහන් කළා.