hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 26, පෙ.ව. 5:11



අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත්  සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ඊයේ (25) පැවසුවා.

බලය වෙනුවෙන් තමන් කිසි විටකත් ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නොවන බැවින් විධායක ජනාධිපති ධුරය මෙන්න විධායක අගමැතිවරයෙකු නිර්මාණය නොවන පිරිසුදු විසිඑක්වන සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය වත්මන් මුදල් අමාත්‍යවරයා ද ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කර ගෙන රටේ වගකීම භාර ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

මහබැංකු හොරු සිටින ආණ්ඩුවකට හොරු අල්ලන්න හැකි දැයි තමන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

ජනතාවගේ ජීවිතත් සමග තවදුරටත් සෙල්ලම් නොකර වගකීම් සහගතව කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් තමන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.