hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:56



225ම ඕනේද එපාද කියන දෙය ජනතාව තීරණය කළ යුතු බවත් තමාව අවශ්‍ය නම් රටට සේවය කිරීමට තමා සිටින බවත් තමාවත් අනවශ්‍ය නම් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් තමා විශ්‍රාම ගැනීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

ඒ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරිණියක වූ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මියගේ සුව දුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.

තමන් ජන මතයට සවන් දෙන බවත් දේශපාලන කණ්ඩායම් වල වදන් වලට තමා සැලෙන්නේ නැති බවද කියා සිටියා.

ආණ්ඩුවට, තරුණයින්ව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව, කලාකරුවන්ව පේන්නට බැරි බවත් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කල්පනා කරන බවත් මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයට සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව සමග අරගල කරන බව ප්‍රේමදාස මහතා සඳහන් කළා.

පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ආණ්ඩුව, ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන්ව දඩයම් කරමින් සිටින බවද වැඩිදුරටත් පැවසුවා.

https://youtu.be/yQufvW_Ojrc