hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 9:07



ජනාධිපතිවරයා විසින් අද සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බවත් එහි දී ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බවත් ඊයේ (3) පාර්ලිමේන්තු නව සභාවාරය අවසානයේ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියා.

ජනාධිපතිවරයාගේ සමස්ත කතාව දෙස බැලීමේදී එය ධනාත්මක හරයාත්මක කතාවක් බව පැවසූ විපක්ෂ නායකවරයා කතාවේ කරුණු ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළා.

එසේම මේ කතාවේ සාධනීයම පැතිකඩ ලෙස සර්ව පාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහි ප්‍රතිපාදන සදහන්ව ඇති බවත් එහි දී එක් පැත්තකින් පක්ෂ නායකයන්ගෙන් සමන්විතවන සභාවක් හරහා කටයුතු කිරීමත්, අනෙක් අතින් ප්‍රජා සහභාගීත්ව රාජ්‍ය පාලනයක් උදෙසා මහජන සභාවක් නිර්මාණය වීමත් අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක වීමත් දක්නට ලැබෙන බවත් එකී කටයුතු අගය කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.  

එසේම එම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතු බවට තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

ඉදිරි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක ප්‍රධාන රාමුවේ කොටස් 3 මෙහි සඳහන්ව ඇති බැවින් කවුරුන් හෝ ඇමති කටු සූප්පු කර අවස්ථාවාදී සර්ව පාක්ෂික පාලනයකට ප්‍රවිශ්ඨ වීමට උත්සාහ කරන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට බරක් පටවන පාලනයක් බවත් එම කරුණු ජනාධිපතිවරයාගේ කතාවේ අඩංගු නොවීම ගැන තමා සතුටු වන බව ද ඔහු පෙන්වා දුන්නා.

ජාතික සභාව ශක්තිමත් කිරීම, පක්ෂ නායකයන්ගේ සභාව ශක්තිමත් කිරීම සහ ආංශික අධීක්ෂණ කමිටු බලගන්වා මේ ගමන ඉදිරියට යනවා නම් එය වඩාත් ප්‍රශස්ත බවත් ඒ මහතා සඳහන් කළා.

ප්‍රතිපත්ති පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තු ආංශික සභා හරහා පමණක් තම සහයෝගය ලබා දීමට කැමති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

https://youtube.com/watch?v=XAWdsUeMRD0




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: