hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මාර්තු 25, ප.ව. 3:59



පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති රැස්වීමකදී තමා සහ පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූයේ බැසිල් රාජපක්ෂ මහතාට ලැබී තිබූ වැරැදි තොරතුරු නිසා යැයි මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

මෙවැනි සිදුවීම් පක්ෂය තුළ ඕනෑතරම් සිදුවන බවද තම පක්ෂය තුළ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉන් පිළිබිඹු වන බවද සමන්ලාල් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට ජනතාව රැගෙන ආවේ තමා බවට මෙහිදී ප්‍රකාශ වුණු බවද එසේ ජනතාව ගෙන්වනවා නම් තමා   රටේ ජනාධිපති කෙනෙක් විය යුතු බවද නගරාධිපති කෙනකුට එවැනි සෙනඟක් ගෙන්වීමට නොහැකි බවද හිටපු නගරාධිපතිවරයා කියා සිටියා.

එම කතාව බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා කීවේ, වැරැදි තොරතුරු මත බවද සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවැසූ අතර, තමා පොදුජන පෙරමුණු අපේක්ෂකයන්ට නාමයෝජනා නොදුන් බවට කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද පැවැසුවා.

තමාට මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂයෙන් ප්‍රකාශ කර නොමැති බවද ප්‍රනාන්දු හිටපු නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සමන්ලාල් ප්‍රනාන්දු මහතා සති අන්ත ජාතික පුවත්පතකට මත ගැටුම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.