hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 03, ප.ව. 2:06



බීමට ජලය ලබාදීම සංසාරගත ආත්මයක් ආත්මයක් පාසා පින් පුරවන පුණ්‍යකර්මයක් වන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වුවත්, නොවූවත් මිනිසෙකු ලෙස තමන් පින් කිරීමට කැමැති බවත්, කුසගින්නත් පිපාසයත් නිවීමෙන්  ලැබෙන ආනිසංස ගැන තමන් හොඳාකාරවම දන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා,

“එක අතකට ලංකාව හරි පුදුමයි. සිව් මහා ගංගාවන් ගලන රටක් මේක. කකුල තියෙන තියෙන හැම තැනකම වතුර. ඒත් ගොඩදෙනෙකුට බොන්න වතුර නෑ. නැත්තෙ පිරිසුදු පානීය ජලය. මෙතරම් වතුර තියෙන රටක පිරිසුදු පානීය ජලය මෙතරම් හිඟ වුණේ කොහොමද?

ජනතාව තෝරා පත්කර රජයක් විදිහට මේක අපේ වගකීමක් මෙන්ම යුතුකමක්. මේ දෙක අපි ජීවිත පරදුවට තබා හෝ ඉටු කරනවා. ඒ කටයුත්තට අපිට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. මොකක්ද රජයෙන් ඉල්ලන සහයෝගය. ජලය ආරක්ෂා කරගන්න. ජලය දූෂණය කිරීමෙන් වලකින්න. පිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්න.”