hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 14, ප.ව. 7:15



හලාවත අධ්‍යාපන කලාපයේ, ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාශ ප්‍රාථමික විද්‍යාලයේ කුඩා දරුවන් ලවා එම පාසලට පැමිණි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හට සැලියුට් ගස්සවා ආචාර කළ පුවතක් හලාවතින් වාර්තා වනවා.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සඳහා නව ගොඩනැගිල්ලක් ලබාදීම සඳහා වන සාකච්චාවකට සහභාගිවීමට සනත් නිශාන්ත මහතා එම පාසලට පැමිණ ඇති අතර එහිදී ඔහුව පිළිගැනීම සඳහා පාසලේ විදුහල්පතිවරයා දරුවන් පිරිසක්ව යොදවා තිබෙනවා.

පිළිගැනීමෙන් අනතුරුව පාසලේ දරුවන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට ලිපියක් ලබාදී ඇති අතර එහි සදහන්ව ඇත්තේ තම විද්‍යාලය ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඉහළට ඔසවා, සාමාන්‍ය පෙළ පන්ති දක්වා වර්ධනය කරන ලෙසයි.

මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය විදුහල්පති චන්දන විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී විදුහල්පතිවරයා අපූරු පිළිතුරක් ලබාදී තිබෙනවා.

එහිදී විදුහල්පතිවරයා සදහන් කර ඇත්තේ, මෙම ඉල්ලීම සිසු සිසුවියන් ගත් තීරණයක ප්‍රතිඵලයක් මත සිදුවූ බවයි.

විදුහල්පති ලෙස තමන් මැදිහත් වූයේ ඇමතිවරයා මුණ ගැසීමට සිසුනට අවස්ථාවක් ලබාදීමට පමණක් බවත්, මෙම පාසැල ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාසයේ, හොඳම පාසැල ලෙස කීර්තියක් දිනා ඇති බවත්ය.

එමෙන්ම විදුහල මෙම තත්ත්වයට ඔසවා තැබුවේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා බවද විදුහල්පතිවරයා පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: