hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 අගෝස්‍තු 20, පෙ.ව. 5:54



මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණේ අරගළය නිසාවෙන් බවත් සංචාරකයන් පැමිණෙන්නේ, නිදහසේ සිටීමට මිස රටක කලබල නැරඹීමට නො වන බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසුවා.

ඒ හිරු ටී.වී බලය දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.

දත, කට මදින්නේ නැති, මූණ හෝදන්නේ නැති මොක්කු ද වගේ කාලකණ්ණි ටිකක් අරගලය මෙහෙයවමින් සංචාරක කර්මාන්තය බිඳ දැමූ බව සනත් නිශාන්ත එහිදී අවධාරණය කළා.

නමුත් ඊට පිළිතුරු වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ, මහබැංකු වාර්තාවට අනුව අරගලය ආරම්භ වූ අප්‍රේල් මාසයෙන් පසු ව සැලකිය යුතු මට්ටමෙන් සංචාරක කර්මාන්තය නැඟී එන බව යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: