2026 අගෝස්තු 18, පෙ.ව. 12:02
පැමිණ සිටින තරුණ තරුණියන්ගේ ප්‍රතිචාර දෙස බලන විට ජාතික ජන බලවේගයට හිමි ආණ්ඩු බලයේ ස්ථාවරත්වය තහවුරු වන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ තරුණ සමුළුවක් ආමතමින්.
රට තුළ මෑතකදී පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණයක් නොමැති බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.
එසේම ආණ්ඩුවේ ස්ථාවරත්වයට බාධා ඇතිවන ආකාරයේ කිසිදු අහියෝගයක් ආණ්ඩුවට නොමැති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.
මීට පෙර දෙහිවල තරුණ තරුණියන්ගෙන් දේශපාලනය පිළිබඳ විමසන අවස්ථාවල ඒ සම්බන්ධව විශාල අප්‍රසාදයක් පැවති බවත් මේ වන විට එම තත්වය සුභදායී ආකාරයට වෙනස් වෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එම සුබවාදී වෙනසට හේතුව ලෙස එරංග ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ සිට පහළ ස්තරය දක්වාම තම දේශපාලන ව්‍යාපාරය විසින් දේශපාලන සංස්කෘතියේ ඇතිකරන ලද යහපත් වෙනස්කම් බවයි.
පවතින ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් බවත් එය පැරණි දේශපාලන අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
“පේන තෙක් මානයක අපිට ඡන්දයක් මොකක්වත් ළගත් නෑ. ඒ වගේම ආණ්ඩුවට මොකක්හරි මාර අභියෝගයක් ඇවිත් නෑ. එහෙම එකක් පැත්ත පළාතක පේන්නවත් නෑ. ඒ නිසා ඕගොල්ලන්ගේ මූණවල් දිහා දැක්කහම ආයේ ඉතින් පරම්පරා හතක් මේ ආණ්ඩුවම තමයි. වෙන මොකක්වත් ආයේ එන්නේ නෑ. ඒක නිසා අපිට එහෙම අසනීප හෝ එහෙම බය එහෙම එකක් අපිට අදාලම නෑ…”
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
2026 අගෝස්තු 25, පෙ.ව. 12:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්තු 25, පෙ.ව. 12:13
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
16-07-26
16-07-26
03-04-26
03-04-26
10-03-26
10-03-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
19-12-25
19-12-25
18-12-25
18-12-25
29-11-25
29-11-25
17-11-25
17-11-25
07-10-25
07-10-25
23-07-25
23-07-25
01-07-25
01-07-25