hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:22



ඉතා ම අපහසුතාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභී මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසුවා.

සිය රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හා රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේ කටයුතු සියයට සියයක් ම සම්පූර්ණයෙන් වී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවා.

තමා ව්‍යාපාරිකයෙකු නිසා වැටුප් නොගෙන වැඩ කිරීමට හැකියාවක් ඇතත් එසේ වුවහොත් සනත් නිශාන්තලා මෙන් වැටුප් නොගෙන වැඩ කරන ලෙසට අඩු ආදායම්ලාභී මන්ත්‍රීවරුන්ට ඇතැමුන්ගෙන් බලපෑම් එල්ල වන නිසා තමන් වැටුප් ගන්නා බව ද ඔහු සඳහන් කළා.

තමන් වැටුප් ලබාගන්නා නමුත් එම සියලු වැටුප් සිය පෞද්ගලික පරිහරණයට යොදා නොගෙන මහජන සේවය සඳහා යොදන බව ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේ සිට තමා ලබාගත් වැටුප් ජනතා සේවය සඳහා යෙදූ බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: