hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 27, පෙ.ව. 8:31



ගෝල්ෆේස් අරගල භූමියේ එක එක මත්ද්‍රව්‍ය සඳහා වෙන් වෙන්ව කුටි තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“අද මේ ත්‍රස්තවාදීන්ට බුදුගුණ ගයලා හරියන්නේ නැහැ. නවගුණ වැල කරේ දාගෙන හරියන්නේ නැහැ. මේ අයට සලකන්න ඕන විදිහක් තියෙනවා. 71 දී සිරිමාවෝ මැතිනියට කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් උනානං, 87, 89 ජේ. ආර්. ජයවර්ධන මහත්තයට කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් මේ ත්‍රස්තවාදීන්ට බුදුගුණ ගයලා හරියන්නේ නැහැ. අපි බය ජනතාවට විතරයි. කොහෙවත් ඉන්න රස්තියාදුකාරයින්ට දේශපාලනයින්ට ඕන විදිහට දේශපාලනය කරන්නේ නැහැ.

රැවුල් වවා ගත්ත, ගංජා සුරුට්ටුව ගහගත්ත කුඩු පැකට් එක ගහලා එක ඉවර උනහම අරගල භුමියේ හිටගන්න මිනිස්සු නෙමෙයි හැටනම ලක්ෂයක් ජනතාව. ඡන්දයක් තියලා පෙන්නන්න කියන්න. මේ විදිහට ආණ්ඩු පෙරලන්න පුළුවන්නම් කුඩු කාරයින්ට ඕන වෙලාවක ආණ්ඩු පෙරලන්න පුළුවන්. ඒකට කුඩු කිලෝ දහයක් දොළහක් එකට ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මගෙත් එක්ක කිව්වා, ඒ කියන්නේ සමහර වෙනම කුටි තියනවා ගංජා ගහන කුටි. සමහර වෙනම කුටි තියනවා අයිස් ගහන කුටි. සමහර කුටි තියෙනවා හෙරොයින් ගහන කුටි”