hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 19, පෙ.ව. 8:01



ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී තිබෙනවා.

ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානය වීම විශේෂත්වයක්.

තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයින් වන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ඇමැතිවරයා අන්තපරාජයකට පත්වීමත් සමඟ එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිටදීම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කළා.

තවත් පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට පළ කර තිබෙනවා.

ජනතාවගේ විරෝධය මැද සනත් නිශාන්ත මහතා නිහඬව සිටියද ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත මහතා විරෝධතාකරුවන්ට කෝපයෙන් බැණ වදිනු දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් ජගත් සමන්ත මහතා ද එම ඡන්දයට තරග කළ අතර ඔහු පස්වැනි ස්ථානයට පත්ව සභිකයකු ලෙස තේරීපත් වී තිබෙනවා.