hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 27, ප.ව. 2:26



ලබන මාසයේ 09 වැනිදා යළිත් ජනතාව සමඟ කොළඹ වැටලීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ් අනුව අරගලයේ අවසන් සටන ජයග්‍රහණය කර දූෂිත දේශපාලනඥයින්ගෙන් සහ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේරා ගන්නා ලෙස අරගලයේ දරුවන්ගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියා.

වර්තමාන පාර්ලිමේන්තුවේ තිබෙන්නේ දූෂිත පාලනයක් බවත් අරගලයේ දරුවන් දූෂිත දේශපාලනඥයින් පන්නා දමා පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නද ප්‍රයෝජනයක් නොවන බවට අරගලයේ දරුවන් තේරුම් ගෙන ඇතැයිද ‌හෙතෙම සඳහන් කළා.

අලුත් බලවේගයක් හරහා ව්‍යවස්ථාව රැකගතයුතු බවත් සියලු දෙන තේරුම් ගෙන එකතු වී එක අරමුණක පැමිණිය යුතු බවත් කියා සිටි ෆොන්සේකා මහතා රටට ආදරේ පිරිසක් එකතු කරගෙන අලුත් බලවේගය නිර්මාණය කළ යුතු බවත් ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=uThDw1UL0jc