hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 02, පෙ.ව. 2:05



වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 2048 වර්ෂයේදී රට සාදන විට තමන් මෙන්න රනිල් වික්‍රමසිංහ මහතාද මේ ලොවෙන් සමුගෙන ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (01) පැවති මැයි රැළියට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ඒ කාලේ අපි දකිනවා ගෝඨාභය ආවා. විරුවා එක රඟපෑවා. අතුගෑවිලා, මකබෑවිලා යන්න ගියා. පස්ස දොරෙන් පැනලා ගියා. දැන් මේ වෙලාවේ අපි දකිනවා සමහරු විරුවා දෙක රඟපාන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මේ රට හදන්නේ 2048ලු. එතකොට එයත් වලකජ්ජ ගහලා. මමත් වලකජ්ජ ගහලා. තමුන්නාන්සේලා ඔක්කොම විශ්‍රාම ගිහිල්ලා. එයයි, මමයි ආයි දේශපාලනයට එන්නේ ලබන ආත්මේ. මගේ ඔළුවේ තියෙන්නේ අරගලය. ඒක තමයි කළු පාට තොප්පියක් දාගෙන මම මෙතන්ට ආවේ.”