hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 11, ප.ව. 7:15



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්ථීර කර තිබෙනවා.

මේ පිළිබඳව යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගෙන ආ අතර පක්ෂයේ සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් එය ස්ථිර කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.

එම යෝජනා ස්ථිරත්වය සමස්ත මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ වන විට කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: