hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 15, පෙ.ව. 10:27



පාර්ලිමේන්තුවේ බහුතරයක් යෝජනා කළහොත් තමා ජනාධිපති ධූරය භාර ගැනීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතා පවසනවා.

ජනාධිපති ධූරය බාර ගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදුකරන බවත් නමුත් සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ බහුතරය කැමැති නම් තමා අගමැති ධූරය බාර ගැනීමට සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එලෙස ආරාධනා ආවත් ඒ සියලු දේ දුවගෙන ගොස් සමගි ජන බලවේගයේ නායකයාට ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැති බවත් අවධාරණය කරන ඒ මහතා බහුතරය මතයට හිස නමා රට බාර ගැනීමට සූදානම් බවත් කියා සිටියා.

රටේ අර්බුදය විසඳා ගත නොහැකි විශාල ප්‍රශ්නයක් ලෙස තමා නොදකින බවද සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

තමා අවස්ථා කිහිපයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ යුද හමුදාපතිවරයාට දුරකතනයෙන් කතා කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

නමුත් තමා විපක්ෂයේ දේශපලනඥයෙකු නිසා කිසිවිටෙක ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා කර නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

අරගලයේ ගැටුම් වැඩි වී ප්‍රශ්න උග්‍ර වූ අවස්ථාවන්හිදී ඔවුන් දෙදෙනාටම කතා කර ඉල්ලීම් කළ බවත් ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා ජනතාවගේ ජීවිත ආරක්ෂා වෙන විදිහට රාජකාරී ඉටු කරන ලෙස තමා ඉල්ලා සිටි බවත් කියා සිටියා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=O3c-ioteFQs




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: