hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 16, පෙ.ව. 11:53



තමා වසර 12කට පසු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට කතා කළ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) හිරු නාලිකාවේ සලකුන වැඩසටහන එක්වෙමින්.

හිටපු ජනපතිවරයාට තනතුරු අත්හරින ලෙස තමා කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ බවද සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ජනතාවගේ විශ්වාසය දිනා ගත් අයෙකුට ඉදිරිපත් වී මේ රට භාර ගන්නා ලෙස ඉල්ලීමක් කරන්නැයි තමා හිටපු ජනපතිට පැවසූ බවද ෆොන්සේකා මහතා සදහන් කළා.

පසුව තමා පැය 48කින් ඒ සදහා ඉදිරිපත් වීමට කැමති බවද හිටපු ජනපතිට පැවසූ බවද ෆොන්සේකා මහතා පවසා සිටියා.

පැයකට පමණ පසු නැවත හිටපු ජනපතිගෙන් දුරකථන ඇමතුමක් පැමිණි බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ “මහින්දයි චමලුයි කැමති නැහැ ඔයාට දෙනවට. ඒගොල්ලො බයයි කිව්වා. කියලා විහිළුවට වගේ කිව්වා මටත් ටිකක් බය හිතුණා කියලා.” යනුවෙනුයි.