hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:22



පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තු අයවැයට එක්වෙමින් අදහස් පළ කරමින් සිටින අතර වාරයේ මන්ත්‍රීවරයෙක් ඒ මහතාගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කළා.

එහිදී ෆොන්සේකා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ “ඔය තප්පුලන බූරු පැටියා අල්ලගෙන ගිහිල්ලා කූඩුවේ දාන්න. අර දරුවන්ට හිරිහැර කරන්නේ නැතුව මේ වගේ කට්ටිය අල්ලගෙන ගිහිල්ලා හිරේ දාන්න. එතකොට මේ රටට යහපතක් වේවි.” යනුවෙනුයි.

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් ලෙස ශ්‍රී ලංකාවට මුදල් එවීමෙන් වළකී සිටින ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ෆොන්සේකා මහතා පැවැසුවා.

“පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා. අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇඳුනා වගෙයි.නමුත් මේ රාජ්‍ය ත්‍රිස්තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.”  යනුවෙන්ද සඳහන් කළා.

https://youtu.be/GuHsDGF85x8




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: