hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 10, ප.ව. 3:33



වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට කිසියම් හානියක් සිදු වුව හොත් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇතැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව අවධාරණය කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන් දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසු වන බව යි.

“වසන්ත මුදලගේ, භික්ෂුන් වහන්සේ බරපතළ ලෙස අසනීප වෙලා ඉන්නවා වැරදිලාවත් ඔවුන්ගේ ජීවිතවලට හානියක් වුණොත් තමුන්වහන්සේලා මම අද කිව්වා කියලා මතක තියාගන්න. පොලීසිය, ත්‍රස්ත විමර්ශන අංශයයි, මේ රටේ ජනතාව පොළොවට සමතලාකරලා දායි. ඒ විතරක් නෙමෙයි මේකේ ඉන්න මැතිඇමතිවරුන්ටත් දැම්ම තියලා රක්ෂණයක් අරගෙන ඉන්න වෙනවා. මොකද අපටත් යන එනමං නැති වෙනවා. ගිය පාර මතකයි මැති ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගිනිතියලා හැංගිලා ජීවත් වෙන්න සිදුවුණා. ඒ නිසා මේවා අනිවාර්යෙන් මතක තියාගෙන මේවාගෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ.”

මේ අතර, අන්තරේ කැඳවුම්කරු සහ සිරිධම්ම හිමියන් රඳවා තැබීම පිළිබඳ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ද අදහස් දැක්වුවා.