hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 21, ප.ව. 4:03



උතුරේ ජිවත් වීමට දෙමළ ජනතාවට පමණක් නොව සිංහල ජනතාවටද අයිතියක් ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

මේ වන විට ලංකාවේ 52%ක් දෙමළ ජනතාව සිංහල ජනතාව සමඟ එකට ජිවත් වන බවද ඒ මහතා සඳහන් කළා.

වීරසේකර මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

කෙසේවෙතත් වීරසේකර මහතාගේ කතාව අතරවාරයේ මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා සඳහන් කළේ උතුරේ ජිවත් වීමට සිංහල ජනතාවට අයිතියක් නොමැති බව තමන් සඳහන් නොකළ බවයි.

එහිදී වීරසේකර මහතා කියා සිටියේ සිංහල ජනතාවට උතුරේ ජිවත් වීමට අයිතියක් ඇති බවයි.

මේ අතර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ තමන් බව ද වීරසේකර මහතා පැවසුවා.

සමස්ත රටේම ජනතාව විසින් දෙන විධායක බලය අගමැතිට ලබාදීම ජනතාවගෙන් විමසා ලබානොදිය හැකි බවත් ඒ වෙනුවෙන් ජනමත විචාරණයක්  පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළා.

එසේම 13 වැනි සංශෝධනය තිබෙන තාක් කල් විධායක ජනපතිධුරය අවශ්‍ය බවද ඔහු පැවසුවා.

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්වන වගන්තිවලට එකඟ විය හැකි බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.