hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 16, ප.ව. 5:01



චීනය කිසිදා වෙන් කල නොහැකි විශ්වාසදායි මිතුරෙක් බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අදහස් දක්වමින් වීරසේකර මහතා සඳහන් කළේ යුවාන් වැන්ග් 5 නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය මෙරටට උණුසුම් ලෙස පිළිගන්නා බවයි.

අද (16) හම්බන්තොට වරායට සේන්දු වූ චීනයේ යුආන් වැංග් 5 සන්නිවේදන තාක්ෂණ නෞකාව පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසුවා,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් යුවාන් වැන්ග් 5 නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය අපේ රටට උණුසුම් ලෙස පිළිගන්නවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන්නේ නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයටයි. ශ්‍රී ලංකාව අපට කඩිනමින් හා දීර්ඝ කාලීනව නැවත ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මිතුරන්ගේ සහාය සහ ආශිර්වාදය අවශ්‍යයි. අපේ දීර්ඝ කාලීන මිතුරා වන චීනයෙන් මම ඉල්ලා සිටිනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF වැඩසටහන සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් සහය වන ලෙස. එමෙන්ම කඩිනමින් අර්ථවත් අතුරු මූල්‍ය සහයක් ලබා දෙන ලෙස. ශ්‍රී ලංකාව, චීනය සහ ඉන්දියාව අතර පවතින බැදීමේ ශක්තිය බටහිර ලෝකේ කිසිදා වටහා නොගනීවි. අපේ රටවල් තුන සංවර්ධනය සහ ගෝලීය සම්බන්ධතා පදනම් කරගනිමින් සහයෝගීතාවක් ගොඩනගා ඇත්තේ බුදු දහම, වෙළදාම , ආධාර සහ ක්‍රමෝපාය සබඳතා මගින්. ආසියාව ශක්තිමත් කලාපයක් බවට පත් කරලීම උදෙසා ආසියානු ජාතීන් එක්සත් විය යුතුයි. චීනය අපිට කිසිදා වෙන් කල නොහැකි විශ්වාසදායි මිතුරෙක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: