hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 16, පෙ.ව. 9:45



තරුණ අරගලකරුවන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හිටපු අමාත්‍යවරයෙකු ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ හරියටම මාසයක කාලයක් ඇමති ධූරය දැරූ එස් බී දිසානායක මහතායි.

තරුණ අරගලකරුවන්

තරුණ දරුවන් එළියට බැස සිටීම පිළිබඳව ආණ්ඩුව තේරුම් ගෙන සිටින බව ඔහු අවධාරණය කරනවා.

තරුණ අරගලකරුවන් කියන රටේ තිබෙන ප්‍රශ්න ටික ඉතා ඉක්මනින් විසඳන බවටද ඔහු සහතිකයක් දෙනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ එසේ කොට රට අලුත් ගමනකට මුල පිරිම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට මේ වන විට රජය උත්සාහ කරමින් සිටින බවයි.

ආණ්ඩුවේ ස්ථාවරය

ඒ නිසා මේ අවස්ථාවේ ජනපති , අගමැති හා රජය ඉතා ඉවසීමෙන් කටයුතු කරන බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ බැව් සඳහන් කළේ මාධ්‍ය අමතමින්.

තරුණ අරගලය ගැන එස්.බී. දිසානායක මහතා මෙසේ ප්‍රතිචාර දැක්වූ වුවද ඔහු තරුණ නැගිටීම් මර්දනය කළ යුතුය යන ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අයෙක්.