hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 25, පෙ.ව. 11:10



නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් මහතාට එම පලාතේ රාජ්‍ය නිලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ අනවශ්‍ය ලෙස ඔහු නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා බලපෑම් කිරීමයි.

ඔහුගේ නිල රැස්වීම් වලදී රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්කරමින් ඔවුන්ට පහත් ලෙස බැනවැදීම නිසා බොහෝ නිලධාරීන් කන්ස්සල්ලෙන් සිටින බවද වාර්තා වෙයි.

මීට ආසන්නතම සිදුවීම වී ඇත්තේ වෛද්‍යවරුන් පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා ඔවුන් අපහසුතාවයට පත්වන අයුරින් දැඩි අප්‍රසන්න වචන යොදා ගනිමින් ඔවුන්ට බැණ වැදීමයි.

එම නිසා ආණ්ඩුකාරවරයාට විරුද්ධව වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ අතර අවස්ථා කීපයකදී ආණ්ඩුකාරවරයා සමග සේවය කිරීමට නොහැකිව රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනක් මෙම පළාත හැර ගොස් ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: