hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 15, පෙ.ව. 5:13



ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු සහ ප්‍රභූවරුන් කිහිපදෙනෙකු බිහි කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු තවමත් සපුරා නොමැති අවස්ථාවක එක් අමාත්‍යධුරයක් පමණක් තබාගෙන වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවසුවා.

සෙන්දිල් තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේ ඊයේ (14) මස්කෙලිය ගවරවිල සහ මානෙලුව යන වතුයායවල් වල පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා එම වතුයායවල් වල පැවති පොකුරු රැස්විම් වලදියි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ නොවිසදුණු ගැටළු සහ සංවර්ධන කටයුතු රාශ්‍රියක් තවමත් සිදු නොකර ඇති බවත්, එවන් තත්ත්වයක් මත ලංකා කම්කරු කොංග්‍රසය වතුකරයේ ජනතාවට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු පිලිබදව සෑහිමකට පත්වන බවයි සෙන්දිල් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

රටේ දැනට පවතින අර්ථික අර්බුධය සමග රාජ්‍ය දේපල විකුණා රටට ඩොලර් සොයන අවදියක යම් විදේශිය ආයෝජකයෙකු වතුකරයට පැමිණ තේ වතු සියල්ල තමන්ට ලබා දෙන්නේ නම් ඒ සදහා මුදල් ආයෝජනය කල හැකි බව රටේ පාලකයන්ට පැවසුවහොත් රටේ පාලකයින් තේ වතු එම ආයෝජකයාට ලබාදිමට කටයුතු කරන බවයි සෙන්දිල් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

එවැනි අවස්තාවකදි වතුකරයේ ජනතාව වෙනුවෙන් හඩක් නැගිමට දේශපාලන වශයෙන් තම පක්ෂය ශක්තිමත් විය යුතු බවත්, ඒ සදහා වතුකරයේ ජනතාව ලංකා කම්කරු කොන්ග්‍රසය වටා එක්විය යුතු බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා පොකුරු රැස්විමේදි කියා සිටියේ.