hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 17, ප.ව. 5:04



මේ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් ගැන කතා කරන බවත් එය බොරුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද(17) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මේ අතර 09 වැනිදා දිනයේ ඇතිවූ සිද්ධි පිළිබඳව ෆොන්සේකා මන්ත්‍රීවරයා අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ 09 වැනිදා භීෂණය ආරම්භ වූයේ අරලියගහ මන්දිරයෙන් බවත් එම සිද්ධිය වෙනත් පක්ෂ පිටින් දාලා එම ප්‍රශ්නය අමතක කිරීම සිදු නොකල යුතු බවයි.

09 වැනිදා සිද්ධියට අදාලව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

“මම දැක්කා පුත්තලම් බූරුවෙකුත් යනවා යකඩ පොල්ලක් අරගෙන. ඒ බූරුවගේ පිටිපස්සෙන් පිටේ නැගලා යනවා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති. දැන් මේවගේ අයගේ නම් ලැයිස්තුව එළියට ඇවිත් තියෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පති අපි දකිනවා හොඳට වැනි වැනි යනවා. මැරයො පහර දෙනවා අහිංසක ජනතාවට. නියෝජ්‍ය පොලිස්පති යනවා මැරයොත් කදේ දාගෙන.” යැයි ෆොන්සේකා මහතා කියා සිටියා.

දඩුවම් කරනානම් එය අරලියගහ මන්දිරයෙන් ආරම්භ කරන ලෙසත්, අපේ පාක්ෂිකයොත් වැරදිනම් දඩුවම් කළ යුතු බවත් එදා භීෂණය ජනතාව ප්‍රකෝප වූ දෙයක් බවත් ඔහු පෙන්වා දුන්නා.

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට නෙලුවා කියා මාධ්‍ය වාර්තා කර තිබූ බවත් ඒ නිලධාරීන් රැකියාව, සීමාවන් සහ ගෞරවය දන්නා බවත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

එම ක්‍රියා වැලැක්වීමට පොලිස්පති හමුදාපති නොපැමිණී බවට ඒ අයට මඩ ගැසීමට අවශ්‍ය නැති බවත් පොලිස්පති ආවේ නෑ කියා පොලිස්පතිට මඩ ගහනකොට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මැරයොත් එක්ක එකට හිටගෙන සිටි බවත් ඒ මහතා අවධාරණය කළා.

මේ ප්‍රශ්නය පොලීසිය පාලනයෙන් පිටතට යනවානම් නීත්‍යානුකූලව පොලිස්පතිවරයා හමුදාපතිගෙන් අවශ්‍ය සහය ඉල්ලා සිටිය යුතු බවයි ඔහු කියා සිටියේ.

හමුදාව ස්වෙච්ඡාවෙන් ගොස් පොලීසියේ රාජකාරිය කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බවත් හමුදාපතිට යුධ හමුදාවට දොස් නැගීමට කටයුතු නොකළ යුතු බවත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

හමුදා සහ පොලිස් නිලධාරීන්ටද ෆොන්සේකා මන්ත්‍රීවරයා උපදෙසක් ද ලබා දීමට කටයුතු කළා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ “රැකියාව නිර්පාක්ෂිකව කරන්න. ස්වාධීනව කරන්න. වැරදි කරන දේශපාලනඥයින් ආරක්ෂා කිරීමට නීතියට පිටින් වැඩකරන්න යන්න ඕන නෑ.”

ඇතැම් මැති ඇමතිවරුන් කැලෑවල සැඟවී සිටින බවත් “ඉස්සර ත්‍රස්වාදීන් නවත්වලා තිබුණ දූපත්වල තමුන්නාන්සේලාගේ නායකයෝ හැංගිලා. එලියට එන්න බැරිව.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: