hit counter

2026 සැප්‍තැම්‍බර් මස 02 වන බදාදා

2023 ජූලි 21, පෙ.ව. 10:10



රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම කාරක සභාව රැස්වූ අතර එහිදී රාසමානික්කම් මන්ත්‍රිවරයා මෙම කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.

රට බංකොලොත්භාවයට පත්වන විට රට පාලනය කිරීමේ වගකීම දැරූ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම මෙම කමිටුවේ ස්වාධීනත්වයට බාධාවක් නිසා මෙම කාරක සභාවෙන් ඉල්ලා අස්වන බව මෙහිදී රාසමානික්කම් මන්ත්‍රිවරයා දැනුම් දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: