hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 20, ප.ව. 3:46



ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) තේරී පත්වුණා.

අද පැවැති පාර්ලිමේන්තු කටයුතුවලින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසූවේ හෙට දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දෙනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාව දාලා ගිය සජබය හදන්න කැපවුණ මමත් ආවනම් සජබයේ අනෙක් අයටත් මෙතනට එකතු වීමට හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අද ජනාධිපතිවරයා තෝරන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂය සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් දෙමල ජාතික සන්ධානයේත් ඡන්ද 5ක් පමණ ලැබුණු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එක්සත් ජාතික පක්ෂයට එක්වනවාද යන්න දැන් ප්‍රකාශ කළහොත් එය ගැටලුවක් විය හැකි බවත් දැන් යන පාර පෙනන නිසා එය කිවයුතු නැති බවත් ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: