hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 07, පෙ.ව. 10:37



ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සාමූහිකය වන සමගි බුද්ධි මණ්ඩපයේ 2024 ජාතික සම්මේලනය සහ ප්‍රතිපත්ති සංවාද සභාව “රට ගොඩනගන නුවණ” තේමාවෙන් යුතුව, 2024 අප්‍රේල් 7 වනදා ප.ව.3.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ Shangri-La හෝටලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්වෙනවා.

මෙම සමුළුවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සදහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සැලසුම් කිරීමයි. ඒ සඳහා තම සහාය සමගි ජන බලවේගය වෙත ලබා දීමට, මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලයත්, පෞද්ගලික විශ්වවිද්‍යාල රාශියකිනුත් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම විද්වත් සාමූහිකය වන සමගි බුද්ධි මණ්ඩපය ප්‍රතිඥා දී ඇත.

රැස්වීමට පැමිණි පිරිස පිළිගැනීම සිදු කරනු ලබන්නේ මුඛ ව්‍යාධි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්‍ඨ මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා විසින් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම් ආනන්ද ජයවික්‍රම මහතා විසින් සංවිධානයේ ඉලක්ක, අරමුණු සහ ප්‍රගතිය පිළිබඳව සභාව දැනුවත් කිරීම සිදුකරනු ඇත.

විදේශීය ආරාධිත කතිකයින් දෙදෙනකු වශයෙන් ආචාර්‍ය සුර්ජිත් එස්.හල්ලා (ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, සහ භූතානයන් රටවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂ) ඉන්දියාවෙන් ද, මහාචාර්ය තිලක් අබේසිංහ (සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ, දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ, අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර) සිංගප්පූරුවෙන්ද මේ අවස්ථාවට සහභාගී වෙයි සහභාගී වේ. ආචාර්‍ය හල්ලා විසින් ශ්‍රී ලංකාවට මාර්ගෝපදේශ රැසක් ලබා ගත හැකි ඉන්දියාවේ සාර්ථකත්වයේ කතාව පිළිබඳ තම අදහස් ගොඩ ගෙනහැර දක්වනු අතර මහාචාර්ය අබේසිංහ විසින් සිංගප්පූරිය අත්දැකීම් තුලින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආදර්ශයන් පෙන්වා දෙනු ඇත.

මෙම අවස්ථාවට සම්භාවනීය විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු සිදු කරන සංවාදාත්මක සාකච්ඡාවක්ද ඇතුළත් වේ.

මහාචාර්ය උපුල් අබේරත්න (දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය (මූලාසන), (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) – රාජ්‍ය පාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලනය සම්බන්ධයෙන්

ආචාර්ය නේවිස් මොරයිස් (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) – ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්

මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර (දේශපාලන විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) – ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ තාරුණ්‍ය සම්බන්ධයෙන්

මහාචාර්ය ඒ.සර්ජූන් (දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය) – සුභසාධනය, වරිද්‍රතාවය සහ සමාජ ආරක්ෂාව පිළිබඳ සමාජ විද්‍යාත්මක පැතිකඩ සම්බන්ධයෙන්

ආචාර්ය අතුලසිරි සමරකෝන් (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය) – කලාපීය, ජාත්‍යන්තර සහ ආරක්ෂක පැතිකඩ සම්බන්ධයෙන්

ආචාර්ය එස් භාස්කරන් (දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය) – සංහිඳියාව සහ වාර්ගික ඒකාබද්ධතාවය සම්බන්ධයෙන්

ආචාර්ය ශ්‍රියානි ගුණරත්න (ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය) – ඉතිහාසය කලා සහ සංස්කෘතික පැතිකඩ සම්බන්ධයෙන්

මෙහෙයවීම – ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ (සභාපති, මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය)

මහාචාර්ය ගීතානී බුලන්කුලම විසින් (ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, රජරට විශ්ව විද්‍යාලය) ස්තුති කතාව සිදුකරනු ඇත.