hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 26, ප.ව. 7:02



සමගි ජන බලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී පෙරේරා සදහන් කරයි.

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී ජාත්‍යන්තරය පාවා පිළිගන්නා ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සමගි ජන බලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන බව අජිත් පී පෙරේරා සදහන් කරයි.

සමගි ජන බලවේගය සමඟ විවාද කිරීමට පැමිණෙන බව පවසන ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසට මෙතෙක් ආර්ථිකය සම්බන්ධ පොදු ප්‍රතිපත්තියක් නොමැති බවද අජිත් පී පෙරේරා සදහන් කරයි.

ඉදිරියේදී සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍ය ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කරන බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අජිත් පී පෙරේරා මේ බව සඳහන් කරයි.