hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 04, ප.ව. 1:25



ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව සදහා නව මධ්‍යම කාරකසභිකයින් 10දෙනෙකු පත් කළ බව ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් නායක  ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට අවනත නොවි රජයේ තනතුරු භාර ගැනිම නිසා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ අය වෙනුවෙන් ඇතිවු පුරප්පාඩු සදහා මෙම පත්විම් සිදුකළ බවද ඔහු පෙන්වා දුන්නා.  

ශ්‍රිලනිපයේ නව මධ්‍යම කාරක සභිකයින් ලෙස හිටපු ආණ්ඩුකාරවරයකු වන රේජිනොල්ඩ් කුරේ, වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය හා කුරුණැගල සංවිධායක ලක්ෂමන් වෙඩරුව, අවිස්සාවෙල්ල සංවිධායක  සුමිත් සොයිසා, කුණ්ඩසාලේ සංවිධායක නිතිඥ සුනිල් අමරතුංග, සබරගමු පළාත් හිටපු අමාත්‍ය නිතිඥ භාණුමනුප්‍රිය, ආනමඩුව සංවිධායක ආනන්ද සරත්කුමාර, රෂික දේශප්‍රිය, මහියංගන සංවිධායක සහ මහියංගන ප්‍රදේශිය සභාවේ සභාපති කේ.බි ගුණවර්ධන, දැදිගම සංවිධායක වරකාපොළ හිටපු සභාපති  කිත්සිරි විජේතුංග, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ෂාන්  අබේගුණරත්න යන මහත්වරුන්  පත්කරනු ලැබුවා.

පක්ෂයේ  තින්දුවට පටහැනිව රජයේ තනතුරු භාරගනු ලැබු නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවිර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දහනායක, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන රාඝවන් යන මහත්වරු පක්ෂයේ දරණු ලැබු සියලු තනතුරුවලින් ඉවත් කරනු ලැබුවා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: